master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Software development for financial sector, stock controlling, accounting, human resource management can be done through Windows form and Web forms which are used in Visual Basic.net and this video tutorials teaches how to use Visual Basic.net in Sinhala medium from basic to advance.

පාඨමාලාව පිළිබඳව

Windows සහ Web application සකස් කිරීම සඳහා Microsoft සමාගම විසින් හඳුන්වාදී ඇති Visual Programming Envirment එකක් ලෙස Visual Basic.net මෘදුකාංගය හඳුන්වාදීමට පුලුවනි. Visual Basic.net භාවිතාකර ඉතා සංකීර්ණ මෘදුකාංගයන් වුවද සරල ලෙස සහ ඉක්මනින් සකස්කර ගැනීමේ හැකියාව ඇත. එසේම මෙහි ඇති Graphical Tools භාවිතාකර, ඔබ සකස් කරගන්නා Windows සහ Web මෘදුකාංගයන් වල Interface ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතී.

Visual Basic.net වල ඇති විශේෂත්වය වන්නේ, ඔබට වෙනත් Programming language එකක් භාවිතයෙන් දින ගනනක් සකස් කිරීමට සිදුවන මෘදුකාංගයක් මෙමඟින් ඉතා ඉක්මනින් සරලව සකස් කරගැනීමට හැකිවීමයි. එයට හේතුව වන්නේ මෘදුකාංග නිර්මාණය කිරීමට අවශ්‍යවන ඇතැම් සංකීර්ණ Program කොටස් VB.net තුලම ඔබට සකස්කර දී තිබීමයි. උදාහරණයක් ලෙස වෙනත් ක්‍රමලේඛන භාෂාවකදී මෘදුකාංගයක Interface නිර්මාණය කිරීම සඳහා Cording රාශියක් ලිවීමට සිදුවුවත් VB.net තුලදී කිසිදු වෙහෙසකින් තොරව Drag & Drop ක්‍රමයට Interface සකස්කිරීමට පුලුවනි. එයට හේතුව වන්නේ VB.net යනු ක්‍රමලේඛන භාෂාවක් පමණක්ම නොව, එය Graphical Development Environment එකකින්ද සමන්විත වීමයි.

මෙම පාඨමාලාව තුලදී,

  • Visual Basic.net පිළිබඳව හඳුන්වාදීමේ සිට,

  • VB.net භාවිතාකරගනිමින් ක්‍රියාකාරී පරිගණක වැඩසටහනක් නිර්මාණය කර,

  • අවසානයෙහි .EXE file සකස්කර ගැනීම දක්වා වන,

  • සියලූම සිද්ධාන්ත සහ ප්‍රායෝගික කරුණු සම්පූර්ණයෙන් අධ්‍යනය කිරීමට හැකියාව ඇත.

මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව මූලික හඳුන්වාදීම් සහ මූලික සිද්ධාංතයන්ද ඇතුලත් වන නිසා මෘදුකාංග නිර්මාණකරනය සම්භන්දව කිසිදු දැණුමක් නොමැති පුද්ගලයකුහට වුවද මුලසිට, සරලව සහ පහසුවෙන් අධ්‍යනය කිරීමේ හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේදී VB.net භාවිතයෙහි ප්‍රවීන දැණුමක් සහ තනිවම මෘදුකාංගයක් සකස්කර ගැනීමේ හැකියාව ඔබට ලබාගැනීමට පුලුවනි.

පාඨමාලාව කා සඳහාද

  • මෘදුකාංග නිර්මාණකරනය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

  • තමන්ගේම මෘදුකාංගයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය ඔබහට.

  • පාසැලේ පරිගණක විශය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශයන් හදාරන සිසුන් හට.

  • මෘදුකාංග නිර්මාණ ශිල්පයෙහි නියුතු සහ ආදුනික ඔබ හට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 2990
Rs 2990

Reviews

Add Reviews & Rate

  • Rate *

Price Rs 2990
Rs 2990
Includes
  •  62  Video lessons
  •  4.5  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

Java

වීඩියෝ : 103 ක් | පැය : 10 ක්

Microsoft Access

වීඩියෝ : 62 ක් | පැය : 4 ක්

Web Hosting

වීඩියෝ : 26 ක් | පැය : 4 ක්

Primavera P6

වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee