master-logo.png MyMaster.lk

Course Content


Show More

Overview

Learn how to use AutoCAD Architecture, from beginner basics to advanced techniques, with our video tutorials taught by industry experts.

පාඨමාලාව පිළිබඳව

AutoDesk ආයතනය මඟින් ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂයෙන් හඳුන්වාදී ඇති මෙන්ම, ගෘහ සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කිරීම සඳහා ලොව බහුල වශයෙන්ම භාවිතාවන නවතම මෘදුකාංගයක් ලෙස AutoCAD Architecture හඳුන්වාදීමට පුළුවනි.

AutoCAD Architecture තුලදී, සමාන්‍ය AutoCAD තුල අපට දැකගත හැකිවන Tools සහ Command වලට අමතරව ගෘහ නිර්මාණ කටයුතු සඳහාම විශේෂිත වූ Tools සහ Command ප්‍රමාණයක් දැකගත හැකිවීම එහි විශේෂත්වයයි. එමනිසා, සමාන්‍ය AutoCAD භාවිතයෙන් ගෘහ සැලසුම් සහ ත්‍රිමාණ ආකෘති නිර්මාණය කරනවාට වඩා ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් එම කටයුතු මෙම AutoCAD Architecture මෘදුකාංගය ඔස්සේ සිදුකර ගැනීමේ හැකියාව පවතී.

උදාහරණයක් ලෙස AutoCAD තුලදී Wall ඇඳගැනීම සඳහා අපට Lines දෙකක් භාවිතාකලයුතු වන නමුත්, AutoCAD Architecture තුලදී එය Wall tool එක මඟින් පහසුවෙන් සිදුකරගැනීමට පුලුවනි. මේ ආකාරයෙන් Door, Window, Stairs, Roof, Slabs ආදී ගෘහ නිර්මාණාත්මක කටයුතු සඳහා විශේෂිත වූ Tools විශාල ප්‍රමාණයක් දැකගත හැකිවෙයි.

මෙම පාඨමාලාව තුලදී,

  • AutoCAD Architecture පිළිබඳව සියලූම කරුණු එනම්,

  • සැලසුමක් ආරම්භකිරීමේ අවස්ථාවේ සිට,

  • සම්පූර්ණ ත්‍රිමාණ ආකෘතිය ගොඩනැගීම,

  • ඉන් ද්විමාන සැලැස්ම (Plan) සකස්කරගැනීම,

  • Section සහ Elevation සකස්කර ගැනීම,

  • අවසානයෙහි මුද්‍රනය කිරීම සඳහා Layout සකස්කරගැනීම

ආදී සියලුම කරුණු සහ ශිල්පීය විධික්‍රම මුල සිට, පිළිවෙලට, නිවැරදි තාක්ෂණානුකූලව අධ්‍යනය කිරීමට ඔබට හැකියාව ඇත.

මෙහිදී, AutoCAD Architecture භාවිතය පිළිබඳව වූ සියලුම කරුණු සිංහල භාෂාවෙන්, ක්‍රියාකාරී උදාහරණ භාවිතයෙන් පැහැදිලි කරදෙන අතර, පාඨමාලාව අවසානයෙහි ගෘහ සැලසුම් ශිල්පයෙහි ප්‍රවීණවකු වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පාඨමාලාව කා සඳහාද

  • ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයන්හි කටයුතු කරනා ඔබහට.

  • ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ සැලසුම් ශිල්පය පිළිබඳව පාඨමාලාවන් හදාරන ඔබහට.

  • දැනටමත් ගෘහ සැලසුම් ශිලිපියකු ලෙස කටයුතු කරනා නමුත්, තවමත් පරිගණක ආශ්‍රිතව Drawing නොකරන ඔබ හට.

  • පරිගණක ආශ්‍රිතව Drawing කරන නමුත්, තවමත් ඒ සඳහා සාමාන්‍ය AutoCAD පමණක් භාවිතා කරනා ඔබහට.

  • ත්‍රිමාණ (3D)ගෘහ සැලසුම් සහ ආකෘති නිර්මාණය පිළිබඳව හැදෑරීමට උනන්දු, උවමනා ඔබහට.

Show More

Package

7.jpg
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain
Price Rs 9990
Rs 9990

Reviews

review1.png

Rohana Ariyawansha

Good product. This is the right product to learn Autocad Architecture and save money and time. Thank you Master

review1.png

Asanka Dineth Samaraweera

AutoCAD වලට වඩා ගොඩක්ම ලේසියි. මමත් දැනගෙන හිටියෙ නෑ මේක ගැන. ඔයගොල්ලො නිසා තමයි දැනගත්තේ සහ ඉගෙනගන්න පුලුවන් උනේ.. AutoCAD වලට වඩා හරිම ඉක්මනින් 2D, 3D වැඩ කරගන්න පුලුවන්. ගොඩක් ස්තූතියි..

Add Reviews & Rate

  • Rate *

Price Rs 9990
Rs 9990
Includes
  •  65  Video lessons
  •  8  Hours
  • Exercise files
  • Basic to advance
  • සිංහල medium explain

Related Courses

SketchUp

වීඩියෝ : 65 ක් | පැය : 8 ක්

Lumion

වීඩියෝ : 70 ක් | පැය : 6 ක්

Revit Architecture

වීඩියෝ : 84 ක් | පැය : 12 ක්

Primavera P6

වීඩියෝ : 30 ක් | පැය : 3 ක්

2.png

Not sure?


Every course comes with a 05-day money-back guarantee